සිංහයෝ
Sinhayo
ජය ටැඹ කරා අභිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරැකුම් දරා
සිංහයන් නමින් දිවුරා
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුලු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා
සිංහයෝ
නිලඹරා පුරා ඇඳි රූ රටා
ලැබූ ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමනා සුලඟේ
රැඳුණූ ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දි
පෑයූ රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ
සිංහයෝ
දේශයේ ජය කොඩි දරා
මේ සත් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනෙවියන් නුඹයි රකිනා
සිංහයන් නම් පෙලහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ හේ පවසා මෙසේ
දිනවන් අපේ ලංකා
සිංහයෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රචාප ලියනගේ