සිනාසෙන්න මට
Sinasenna Mata
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඞ වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මන්
අළු පාය හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන
ගන් දෑල ඒ වගෙද මට කියන්
දන් පඳුර උනැටුව රන් පාට සමනල්ලු
මන් කොහිද ඇසුවාද මට කියන්
රන් පාට දැවටිච්ච තුරු වඳුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්
මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුනිද මට කියන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී