රෑ දොළොස් පැයේ
Raa Dolos Paye
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන්
දැන් එතැයි කියා
දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ
කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිරෝෂා විරාජිනී