සිනා රැල්ල සිසි කිරණේ

Sina Ralla Sisi Kirane
සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතා
අඩ බැල්මට වසඟ වුණේ
මලට ඇදෙන බඹර නලා
හඬා මිහිර දෙගොඩ තලා
අපේ ජීවිතේ සනසයි විනෝද මිහිරේ
නුරාව ඉතිරේ
ගමට පහන මැණික වගේ
පැළට සුවඳ කැකුල වගේ
මගේ ආදරේ වඩවයි දයාව මුහුණේ
ලතාව ගමනේ
කුමුදු මලක සුවඳ නැගේ
සුමුදු දෙතොල සැලෙන අගේ
මගේ පෙම් හදේ සැඟවෙයි මිලාන දෑසේ
සිනාව රහසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි