සිහින කුමාරි

Sihina Kumari
සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා
සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ
සුර අඟනුන්ගේ නෙත් සර වැදිලා
මිදිලා තිබු දෑසේ
සිහිල ගැලූ ඒ ඔබ දුටු මොහොතේ
මා හිතවත් දිගැසේ
මින් පසු ඔබගේ දසුනෙන් කිසිදා
ඈත් නොවී ඉන්නම්
ඇස් දෙක වාගේ සෙනෙහස ඔබගේ
මහදේ සතපන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි