සෙනෙහස ලැබ පිබිදෙන විට
Senehasa Laba
සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ
සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ
ආදරේ
නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ
ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ