සීහලේ පිනෙන් උපන්

Seehale Pinen
සීහලේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහලේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙලේ එදා නොවී අනුන්ට පෑ අතක්
උන් පැතුම් නොවී එදා අනුන් පිදූ බතක්
උන් ගතේ නොවී එදා අනුන් සැදූ වතක්
දැන් දණින් වැටී විදේශ වන්දනා කළත්
ආදි සීහලේට වැන්දෙ ඒ විදේශයොත්
උන් ලැබූ නමුත් එදා තම්බපණ්නියක්
නන් විකුම් බෙලෙන් සැදූහ ස්වර්ණ භූමියක්
දැන් අපිත් රකිම්හ මේ අපේ කියා යමක්
ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ