සඳ තරු මල්
Sanda Tharu Mal
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගෙ දෝනිට
අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝනිට
අප දෙන්නාගේ
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝනිට
අප දෙන්නාගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි