රොන් පොදක් වෙන්නම්

Ron Podak Wennam
රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ
කන් කළුයි ඔබෙ සිනා
සිත් පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ
කාගේ කවුරුදෝ
නෙත් වශී කරයි ඔයා
පෙම් ලොවක් මවයි මනා
සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා
සාගරේ කළඹා
මුතු ඇට මාලයක් තනනා
පාවෙලා යමිනා
තරුකැට පේළියක් ගෙනෙනා
සැනසෙනා ලෙසිනා
සඳ මත මල් උයන් මවනා
යම් දිනක් මැවෙනා
ඔබ මට ආදරෙයි කියනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි
All songs by අතුල අධිකාරි