මුතු ලතා
Muthu Latha
මුතු ලතා
සිනහා පොකුරු පා
මුතු මැණිකේ
බලනු එපා
නෙත පැටලී
සිත මා අසරණ වෙලා
මම ළඳේ
කෙලෙසද කියන්නේ
ආල හැඟුම්
මුව ගොලු වී
හිත පැටලී
අද මා අසරණ වෙලා
ගෙලේ තොරම්බල් මාලේ පළඳා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හඳ ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුඹ එන්නා
තුන් තිස් පැය රෑ නිදි නම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතු බිඳු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පින් නැතුවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි