හිත අස්සට
Hitha Assata
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර
හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර
දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ
කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානෙ
පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත
දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ
මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා
දැවුණත් දැවුණත් මියගිය
පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ
අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ
මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අතුල අධිකාරි