සමනල රෑනක් සේ
Samanala Raanak Se
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා