රෝස කුසුමක් පිපී
Rosa Kusumak Pipi
රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන්
මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින් නොනැඟෙනා වදනින්
නොහැඟෙනා අරුතින්
ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ