රන්මැලි සෑය
Ranmali Saaya
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනල පව්ව විය දුක සැප සම දරණ
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිව්මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිව්කොණ තබලා
ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ