රනින් මාල
Ranin Maala
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා
නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ග්‍රේෂන් ආනන්ද