දිළිඳුනේ දරුවනේ මගේ

Dilindune Daruwane
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍
මේ ලොව මෙතරම් හැඩවුණේ
කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ග්‍රේෂන් ආනන්ද
All songs by ග්‍රේෂන් ආනන්ද