හිම රේණු වැටෙනා
Hima Renu Watena
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා
මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ග්‍රේෂන් ආනන්ද