රජ පෙරහැර මැද
Raja Perahara Mada
රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඞුව ඇලවෙනවා
දෙදහස් වසරක් රැකගත් කරඞුව
දෙවියනි හද කකියනවා
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ
විලංගුලා ලා ඇතු බැඳ දමලා
සැනසුම් සුසුම් හෙලන්නේ
කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත්
කොහොමද රජ පෙරහැර යන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ
උත්තම කරඞුව දෝත දරාගෙන
පාර කොනේ අපි ඉන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු
කවදද දෙදණ නමන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ