පුරුද්දක්ද සසරේ

Puruddakda Sasare
පුරුද්දක්ද සසරේ හුරු වූ
පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ
හරස්වෙන්න හැදුවත් කවුරු
වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ
අඳුර පිරුණම දෑස වැසුනම
තනිය දැනුනු නිසා
කදුළු පිරුණම හිතේ හැම තැන
ඔබෙන් පිරුණු නිසා
අදුරේ දුක සේ රහසේ ගෙතුනු
නොලියූ කවියේ මතුවූ ලදුනේ
සිහින පෙනුනම සැපයි හැමදා
හැබෑ කරන නිසා
සුසුම් හෙලුවම සිතේ හැම කොන
ඔබෙන් පිරුණූ නිසා
සිහිනේ ඇසුනු රහසේ දැකපු
නොරැගූ රැගුමේ හැඟුමයි ලදුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by භාතිය ජයකොඩි
All songs by භාතිය ජයකොඩි