දේදුන්න සේදී
Dedunna Sedi
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ
මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා
නොසිතූ සේ
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
සුහදේ
නොපැතූ සේ
යායුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ
ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා බැඳි ආදරේ
තනි වූ දා
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
රහසේ
නොපැතූ දා
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ
තරු ඇස් වැසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders