පුලුන් කොට්ට අත්

Pulun Kotta Ath
පුලුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හෙමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ
බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමි
කැවුම් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගෙ පැටියා පුංචි බළල්හාමි
නූල් බෝලයක් පෙරළාගෙන සෙල්ලම් කරාවී
බළල් හාමිනේගෙ දෑසත් නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැලුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගෙ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගෙයි නේ මට බළල් හාමිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමි ප්‍රනාන්දු
All songs by ශිරෝමි ප්‍රනාන්දු