කොටු වැටිච්ච පුංචි සරම

Kotu Watichcha Punchi Sarama
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් සදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි
පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්
පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමි ප්‍රනාන්දු
All songs by ශිරෝමි ප්‍රනාන්දු