කරුංක ගෙඩියක් තරමට
Karunka Gediyak Tharamata
කරුංක ගෙඩියක් තරමට කොණ්ඩේ බැඳලා
තිරික්කලේ නැග පොළට ගිහිල්ලා
හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා
කඩිසර ගමනින් සීය ඇවිල්ලා
නැමිච්ච පනාව හිසේ ගසන්නේ
සුදට සුදේ සුදු ඇඳුම් අඳින්නේ
හැම පෝයකටම අටසිල් ගන්නේ
දුම් කුඩු උරමින් කථා කියන්නේ
සීයා සෙල්ලම් බඩු සාදන්නේ
පුංචි ළමුන් හට තෑගි කරන්නේ
කෝපි කඩේමයි හවස ගෙවන්නේ
පරම්පරාවේ වරුණෙ කියන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිරෝමි ප්‍රනාන්දු