පෙර දිනක එදා
Pera Dinaka Eda
පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක් ගතවුණිදෝ
ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ
සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ
ඒ ගෙවූ අතීතේ
ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා
අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා
කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ
මගෙ ආදර අරණේ
වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි
මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල