මේ ගී කාටදැයි
Me Gee Katadayi
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
සිතුපැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක් මවා
මට මා අමතක වුවා
දිවිය ගැන සිතා
බලාපොරොත්තුවේ කඩතිර ඉරා
පාළුව විඳ දරා
ඉවසමි දිවිතුරා
එකම හිනාවට ගී දහසක්
බිහිවෙයි මගේ මුවින්
ඇතිවුනි නම් අවබෝධෙ
අද මේ විලස නොවේ
කොතැනක හිටියද මේ ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවේ හැම වෙලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල