කලක් තිස්සේ
Kalak Thisse
කලක් තිස්සේ හිතක් පත්ලේ
පිපී රන්වන් මලක් දිලුණේ
තුෂාරා පත් මුදුන් සරසා
සුපෙම් හැඟුමන් හිතේ ගවසා
ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
හිතේ සංකා නිවා මාගේ
ප්‍රියා මොකදෝ තවත් නාවේ
නෙතින් නෙත මේ ගැටී ගොළු වේ
අපේ ලොව පෙම් රසින් කැළතේ
දිවා රැය මේ ගෙවී යන්නේ
නිදා නොනිදා පහන් වෙන්නේ
කොහේදෝ යම් දිනක දෙන්නා
එකට එක් වී මෙසේ උන්නා
එදා හඳ පායලා අහසේ
අපට කිව්වා යමක් රහසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල