මා ඉන්නම් ගීත සංසාරේ
Maa Innam Geetha Sansare
මා ඉන්නම් ගීත සංසාරේ
හංගා වේදනාවෝ
මේ මා නොගැයූ මගේම කතන්දරේ
නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ
සුසුමින් මා කඳුලින් මා
ඔබ හමුවේ බිහිවූවා ගීතේ
ජීවිතේ වියෝග කතන්දරේ
නෑසේදෝ මට රහසේ
හඩන්න පැතුම් හදේ
සිනාසෙන සඳ එදා මා
හිනැහුණා මුළු ලොව මා හා
හඞන දා මා හුදෙකලාවේ ලඟ ඉන්නේ
නිමල සුන්දර මායාවේ
අග්නි ජාලා සැඟවෙන්නේ
කවුරු හෝ නෑ ඔබට මිස තනිවූදා මා ඉන්නම්
නිහඞ මැදියම් රෑ යාමේ
ඈත මීදුම් කඳු නිම්නේ
මට කතාකළ එවන් කට හඞ
ඔබ නේදෝ හිරුත් සඳ තරු හැංගිලා
දෑල ගන්තෙර තනිවීලා
එහා ඉවුරේ මෙහා ඉවුරේ අපි දෙන්නා මා ඉන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල