පෙම් ලොව දොරකඩ

Pem Lowa Dorakada
පෙම් ලොව දොරකඩ හැපෙමින් හඬා වැටෙන්නේ
කියන්න ඔබ මන්ද හඬන්නේ
බිඳුණු පෙමට දැවුණු හදින් හඬා වැටෙන්නේ
හඬන්නවත් කඳුළු නො එන්නේ
නොදන්නී ද බොළඳියෙ නුඹ පෙම් ලොව රුදුරු
නෑසුවේ ද පෙම් ලොව ගැන තොරතුරු කුරිරු
ඇසුවෙමි පෙර කව් නළු වල පෙම් ලොව රුසිරු
එවන් රුසිරු සොයා ආමි බිඳ හැර පවුරු
කඳුළින් තොර පෙම් පුවතක් ඇසුවෙද මියුරු
නොපෑරුණු සිතින් උන්නේ පෙම් ලොව කවුරු
දනිමි හැඳින්නෙමි පෙම් ලොව මා ප්‍රිය මිතුරු
පවසට කඳුළැලි බොන්නම් යදියක අයුරු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිර්මලා රණතුංග
All songs by නිර්මලා රණතුංග