විසඳුමක් නැත

Wisadumak Natha
විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී
බලා සිටිමූ
මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළු ගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනා සෙන්නේ
අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැඳෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමකින්
හමු වුණොත් හමු වුණාවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි