අඹ ගස් යට
Amba Gas Yata
අඹ ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න
මගෙ බඹරිය කැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට
බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ හිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ
ඔබයි මගේ පැතුම් විමන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නිර්මලා රණතුංග