පාට පොදක්
Paata Podak
පාට පොදක් තිලක ලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා
මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සලෙළ රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොතින් ලමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ පෙම් සුවඳේ
ඈත ඉරට හිනාවී මෑත මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පාවේවී
ළමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ
පුංවි වියේ අන්දර සේ
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීතාවන් නුවන් ලඳේ මා ලා මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක