මී පිරුණු සුවඳ මල් වනේ

Mee Pirunu Suwanda Mal Wane
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
රැව් නැගේ තුරුණු හඳ බිමේ
ජීවිතය අරුත දැන් දැනේ
හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා
කතාකරයි පියා සල සලා
සිහිනෙකින් හරී සිතන්නට බැරී
ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරී
විමන් නොපතමී යහන් නොසොයමී
ඔබගෙ හඳ බිමේ වැතිර සැතපෙමී
නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසංසලේ
කොකුන් සුවරලා සඳුන් මුසුවෙලා
සුගන්දය ගලයී සුළගේ විසිරිලා
පෙර දී තැනකදී දිනෙක බැදි බැදී
හිටිය හැටි සිතෙයි මතෙකෙ ඇඳි ඇඳී
ඒ ගැනත් මෙසේමයි ඒ ගිමන් නිවාරේ
පෙම් පහන් දිලේ බවෙන් බවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක
All songs by ඇන්ජලීන් ගුණතිලක