හද විමන් දොරින්
Hada Wiman Dorin
හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා
සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා
මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇන්ජලීන් ගුණතිලක