ඔටුනු පලන්දා

Otunu Palanda
ඔටුනු පලන්දා සිහසුන ඉන්දා වැයුවාණේ නුඹ මඟුල් බෙරේ
තැලිපිලි අන්දා පෝරුවෙ ඉන්දා යුවළට ආසිරි මඟුල් බෙරේ
ඔල්වර හඞ මැද අඩව් කස්තිරම්
ලොවටම ඇසුණා මඟුල් බෙරේ
රජ මැති සිටුවරු වඩිනා මඟුලට
පෙරමඟ වඩිනා මඟුල් බෙරේ
මඟුල් බෙරේ
ගෙයි පිළිකන්නේ බංකු පුටුව උඩ
වාඩිවෙලා ඇයි මඟුල් බෙරේ
මැද මිදුලේ අද රට මාලක්කම්
නුඹට සිනාදෝ මඟුල් බෙරේ
මඟුල් බෙරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ