ඔරුවක පාවෙන

Oruwaka Paawena
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
ඇගෙ තනිය මකා දී ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා
මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා කොළ පතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි
All songs by මිල්ටන් මල්ලවආරච්චි