ඕළු පිපීලා

Olu Pipeelaa
ඕළු පිපීලා වෙල ලෙළ දෙනවා
සුදට සුදේ නංගෝ
ඕළු නෙළාලා මාල ගොතාලා
දෙන්න ද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕළු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා
වැල නො කැඩී පෙම් කෙළිමින් යන්නෝ
දණ්ඩි පැටවු නංගෝ
කූණිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕළු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා
මා පරදිනවා ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕළු මලේ සුද නාලා
ඔබ රුව වැඩි වෙයි මාලා
ඕළු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා
නෙළුවා නෙළුවා බරට ම නෙළුවා
බරට බරයි නංගෝ
මේ මල් ඇරගෙන වට පිල් කන්දට
යමු ද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහි එනවා
යමු යමු හනිකට මාලා
ඕළු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි මාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් ශාන්ත
All songs by සුනිල් ශාන්ත