මිහිකත නලවාලා
Mihikatha Nalawala
මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
සුදු හෙළ සාරිය
ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස
පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා
ඕලු නෙළුම් ඈ
නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් ශාන්ත