කුකුළු හෙවිල්ල
Kukulu Hewilla
දුදනොද බිඳ ලද තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ
මගෙ කුකුළා නැසූ එකා
ධජය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා එල්ල හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල මරු තැනේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු අටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ
කියමින් නම කුළු ඔබගේ
බොල දුන් ගෙට කිරි තොලගේ
නවතින්නට වඩමි අගේ
එබසින් කිරි කඳුළු මගේ
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
වැජඹෙන නා මෙවිමනේ
බලන්න නා සාමිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් ශාන්ත