ඔබත් මමත් හිඳිනා
Obath Mamath Hindina
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
කදුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකෙකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
අවි ගැටෙන බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විලාපයයි මිනිසුන්නේ
යුධ වැදී කුමට මේ එකම පොලව මත එකම
ලෙයින් අප සැදුනේ
එකම සුසුම් ලය රැදුනේ
රකිනු මිනිස් කම් බේද නොවී
කුල ගොටු චු මිටි කම් දුරලා
සතුරු සිතුම් ඇත හැරලා
කුස ගින්න අවිදරා දැවේ ලපටි සිත්
කදුළු පිසින් දරුවන්නේ
සතුට බෙදමු මිහිමඩලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජගත් වික්‍රමසිංහ