ජලේ ගැඹුර
Jale Gambura
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
නැන්ද මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජගත් වික්‍රමසිංහ