ඔබ ඈත සඳ වී
Oba Aatha Sanda
ඔබ ඈත සඳවේ පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත්බවිනි හද බැදුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ
මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
දිගු සොඳුරු සෙනේ ගඟ සිදිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බණ්ඩාර අතාවුද