නෙතු පියන් පියා
Nethu Piyan Piya
නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී
කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ
ඉරිසියා හීනි බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by බණ්ඩාර අතාවුද