හිරු හිනැහෙන

Hiru Hinahena
හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන
උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා