නොනිත් පැතුම් නිම්හිම්
Nothith Pathum
නොනිත් පැතුම් නිම්හිම් සොයනා
මන්දාරම සේ අහස් තලේ
මායා අඳුරින් දසත වසා පැතිරේ
ඉර හඳ මොහොතක් සුසුම් නඟයි
මායා පටලය සිඳෙන තුරා
අන්ධ අඳුර මැද කාලය පියඹයි
ඉර හඳ අඳුරේ සුසුම් නඟයි
මන්මත් සිතිවිලි විදුලිය රේඛා
මේඝ ඝර්ජනා නඟා දිවෙයි
නිමේෂයක ඒ අඳුර සුසුම් ලයි
ඉර හඳ යලි ලොව අරා නැඟෙයි
සිතැඟි කළඹවා හද රැඳි ආශා
නිසරු සිහින බිඳ දෙනෙත් අරියි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ