නොතැවෙන්න නොහඞන්න
Nothawenna Nohadanna
නොතැවෙන්න නොහඞන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි විෂ පෙවූයේ ඔබයි
හඞා වැලපෙන්නේද අද ඔබයි
කල්වාරි ගිරි සිරස මිය ගියේ සත්‍යයයි
පෙළූයේ සත්‍යයයේ හදවතයි
ගැලූයේ සත්‍යයේ රුධිරයයි
ගයා පියසින් පිටව වන වැදී සැඟවුණේ
එදා පිළිකෙව් කෙරූ සත්‍යයයි
මිනිස්කම හදවතේ මලක් සේ පිපෙන දා
සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන්
සත්‍යයේ හිරු නැගෙයි වන ගැබින්
මිනිස් පා වැඳපුදා පින් ලබාගනු රිසිව
දෙවියෝද බිමට එති පෙරහැරින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ