නොමවේ පැරණි

Nomawe Parani
නොමවේ පැරණී යළි වේ රමණී
දරු පෙම නොනිමි අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට
සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇතී
ඒව නෙලන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇතී
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැතී
ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටවු
ගොහින් ඉතින් දුර දීපංකරේ වසවු
ලඟින් ඉඳන් මට සලකයි මගේ බිසවු
පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ