නින්ද නේන රාත්‍රියේ
Ninda Nena Raathriye
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙම්
රෑ නිසංසලේ
අරුණෝදයේ ඔබේ
නෙතු සඟළේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිණි පතින් සනහන්
මට පවන් සලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල