නිල් කටරොළු මල් ගොමුවේ
Nil Katarolu
නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්
මිදුලේ දුව පැන නටනා පුතුගෙ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුණාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ලමයෙක්
පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නොවී
කෝටු පාර ඉඳහිටලා නුඹට තලද්දී
නෙත කඳුලින් නුඹ හඞද්දි හිත කඳුලින් මං හැඞුවේ
කිරි කල හත පෙවී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ලය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳ මිනිහෙක් වනදා මල් පිපියන් මගෙ සිහිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ