නෙත් යුග රන් තරු
Neth Yuga Ran Tharu
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
අඳුරින් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා