මුවින් මුවග ගී සර

Muwin Muwaga
මුවින් මුවග ගී සර ප්‍රතිරාව නැගේවා
සිතෙන් සිතක ගී රස ගංගා ඉතිරේවා
නෙතින් නෙතක ගී ලියැවේවා
ගී හඞින් මිනිස් ලොව සුවඳ ගෙනේවා
බිඳුණු පැතුම් සොයා තැවෙනා
දෙසිතක දුක් ගීය නිවාවා
උරග වෙසින කිපී නැගෙන හැඟුම් නිවා
ගී රැව් දේවා
රස මියුරු සරින් ලොව සැරසේවා
බෙදෙන බිඳෙන ලොවේ විපත
ගී සිය දහසෙක ලියැවේවා
විහඟ සරින් ලොවට ඇසෙන
ගීයෙන් මහ පොළොව නිවේවා
ගී ස්වරය අරුණ කිරණ සදාවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ
All songs by සුනිල් එදිරිසිංහ